Fiverr search result ranking algorithem එක - fiverr gig seo sinhala part - 02

Fiverr වෙබ් අඩවිය search results ranking කරන mechanism එක මොකක්ද?

Fiverr වෙබ් අඩවියේ search results ranking කරනකොට කරුණු 3ක් සලකා බලනවා.

1. User reviews
2. Keywords
3. Google clicks

අපි දැන් මේ එකින් එක ගැන පැහැදිලි කරගමු.

1. User reviews
Fiverr search results වල මුලින්ම එන්නේ හොඳ user reviews ඇවිල්ලා තියෙන gigs
මොකද, fiverr වෙබ් අඩවියේ ගුණාත්මක භාවය පවත්වාගෙන යන්න එයාලාට ඒක කරන්න වෙනවා.

ඔයාගෙ gig එකට එන ඕඩර් complete කරාම client ගෙන් හම්⁣බෙන review එක ගොඩක් වටින්නේ ඒ නිසයි.

ඔයාගෙ gig එකට එන පලවෙනි ඔඩර් එක මත තමයි ඔයාගෙ අනාගතය තිරණය වෙන්නෙ. තරු පහෙන් පහම ගත්තොත් ඔයා දිනුම්. හැබැයි ලේසි නෑ.

පොඩි අහිංසක හොර වැඩක් කරන්න පුලුවන්. යාලුවෙක්ට කියලා පලවෙනි ඕඩර් එක දාගන්න. එයාට කියන්න ඔයා ලියලා දෙන review එක දාන්න කියලා. ;)


2. Keywords
Client කෙනෙක් search bar එකේ search කරන වචන වලට සමාන වෙන විදිහට ඔයාගෙ gig එකේ title එක හදාගන්න ඕනෙ.

ඒක ටිකක් ලොකු මාතෘකාවක්. මම ඒක ගැන වෙනම පෝස්ට් එකකින් කියලා දෙන්නම්.


3. Google clicks
මේකෙදි වෙන්නෙ, ඔයාගෙ gig එක google search results වල display වෙනවනම් එතනදි ඔයාගෙ gig එකට හොරෙන් ලකුණු වැටෙනවා.

 ඔයාගෙ gig එක google search results වල තියෙන top10 ලිස්ට් එකේ තියෙනවා කියන්නේ ඒක fiverr.com වෙබ් අඩවියේ ranking වලට උදව්වක්.

Keywords සහ Google clicks එකිනෙක සම්බන්ධයි. ඒක ඔයාගෙ gig එකට සම්බන්ධ කරගන්න විදිහ ඊළඟ පෝස්ට් එකේදි කියලා දෙන්නම්. 

සුභ දවසක්

Comments

Popular posts from this blog

අනවශ්‍ය යූසර් එකවුන්ට් ඉවත් කරමු - eLKTRICKS.blogspot.com

epuvideon.xyz ඇත්ත නැත්ත - eLKTRICKS.blogspot.com

Protecting Seniors Online from Scams, Hacks and Tax Fraud - elktricks.blogspot.com | hacks | scams | survival |